Sunday, October 18, 2020

එස්.ඩබ්ලිව්. ආර්.ඩි.බණ්ඩාරනායක මැතිතුමාගේ 61 ගුණ සැමරුම

 එස්.ඩබ්ලිව්. ආර්.ඩි.බණ්ඩාරනායක මැතිතුමාගේ 61 ගුණ සැමරුම හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය , සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනිය හා මැති ඇමතිවරු රාශියකගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් මුල් කරගෙන පැවැත් විනි.ඉන් අනතුරුව හොරගොල්ල වලව්වේ දි සුහද සාකච්ඡාවකට සහභාගී විය.







ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිහඬ පතාකයෝ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිහඬ පතාකයෝ






,හිටපු ඇමතිනි සුමිත්‍රා ප්‍ර්යංගනි අබේධීර ,ශ්‍රී ලං.නි.ප පලාත් සභා මන්ත්‍රී උපුලංගනි මාලගමුව ,ශ්‍රී. ලං.නි.ප විධායක කමිටු සාමාජික මොන්ටේගු සරත්චන්ද්‍ර ,ශ්‍රී. ලං.නි.ප විධායක කමිටු සමාජික තබුගල,ශ්‍රී. ලං.නි.ප විධායක කමිටු සමාජික සරත් රත්නායක ,ශ්‍රී. ලං.නි.ප කොලොන්න සංවිධායක ශාන්ත රත්නායක යන මැතිනිය න් හා මැතිතුමන්ලා සමග.....

Wednesday, December 18, 2013

ජනප්‍රිය නිළියගේ,නිලි මස් කන ඇමතිවරයා තමයි මෙයා----රන්ජන්

දඩමස් : එක ටෙලිනාට්‍යය කොටසකට 50,000 ක් 

නිලිමස් : ටෙලියේ ප්‍රධාන නිළිය ජයික්හිල්ටන් හෝටලයට 

ටෙලි නාට්‍යයක් රූපවාහිනී නාලිකාවක ප‍්‍රදර්ශනය කිරීම සදහා එහි එක් කොටසක් සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකුගේ ගිණුමකට රු. 50,000/-ක් බැගින් තැන්පත් කිරීමට සිදුව ඇති බව පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හෙළි කළා.

එපමණක් නොව එම නාට්‍යය පෙන්වීමට නම් එම නාට්‍යයේ ප‍්‍රධාන නිළිය ඇමතිවරයෙක් හා යහන් ගතවීමට ජයික් හිල්ටන් හෝටලයට යැවීමට සිදුව තිබෙන බවද ඔහු හෙළි කරන ලදි. 


ඔහුගේ එම හෙළිදරව් කිරීමේදී ස්ථාවර නියෝග යටතේ එසේ පාර්ලිමේතු මන්ත්‍රීවරයෙකුට චෝදනා කිරීමට නොහැකි බව පෙන්වා දීමෙන් පසු රන්ජන් රාමනයාක විසින් ඇසුවේ එම ඇමතිවරයාට "රඹුක්" යනුවෙන් අමතුවාට කම් නැද්ද යනුවෙනි. එහි සම්පුර්ණ කතාව පහතින් බලන්න 

"පහුගිය අගෝස්තු 6 වෙනිදා අපේ හිටිය ජනාධිපති උපදේශකලා දෙන්නෙකුයි, පාර්ලිමේන්තු මංත්‍රීවරියකුයි ගිහිල්ලා අරලියගහ මන්දිරේ අපේ රජ ගෙදර අපේ අතිගරු ජනාධිපතිතුමාව හම්බ වෙලා කලා ක්ෂේත්‍රයේ සිදුවන මේ ව්‍යසනය පැහැදිළි කළා. ලිඛිතව ඉදිරිපත් කලා.

මම කියන්නම්. මේක මඩ ගැහිල්ලක් නෙවෙයි. මේක කලා ක්ෂේත්‍රයේ භයානක ආරංචියක්. අද මේ බැල්කනියෙත් ඉන්නවා කලාකරුවෝ. මට මේක කියන්න කියලා ඒ අයත් ඉල්ලීමක් කළා. මේකයි ඇත්ත කතාව. අද මොකක්ද වෙලා තියෙන්නේ? අද ටෙලි නාට්‍යයක් දාගන්න අපේ කලාකරුවෝ කොච්චර මහන්සි වෙනවද? අද ඒ ටෙලිනාට්‍යය පෙන්නගන්න අල්ලස් දෙන වෙලා තියනවා.

ගරු සභාපතිතුමනි, අද ඇමතිවරයෙක් ඉන්නවා. මම උපදේශක කාරක සභාවේ දේවතාවක් මේ ගැන කිව්වා. මාලනී ෆොනේකා කියන නිළි රැජින ඉද්දී කිව්වා. මම මේ කියන්න යන භයානක ආරංචිය මොකක්ද?

අද දඩමස් හා නිළි මස් කියන දේ පලාපොරොත්තු වෙනවා. මේ දඩ මස් කියන්නේ මොනාද? නිළි මස් කියන්නේ මොනාද? දඩ මස් කියන්නේ, එපිසොයිඩ් එකට රු. 50,000 ගානේ දඩ අරගන මහනුවර තියන ගිණුමකට දාන්න කියනවා. මේක මම බොහෝම වගකීමෙන් කියන්නේ.

නුවර ගිණුමේ නම xxxxx පදනම. දැන් මේ පදනමට පනස්දාහා ගානේ දාන්න ඕනේ. ගරු නිමල් සිරිපාල ඇමතිතුමනි, කැත වැඩක් මේක නවත්තන්න ඕනේ. මේක අතිගරු ජනාධිපතිතුමත් දන්නවා. මාලනී ෆොන්සේකාත් දන්නවා. ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙණිය මහත්තයත් දන්නවා, රෝහන වීරසිංහත් දන්නවා සියළු දෙනා දන්නවා.

ඇයි මේ අහිංසක කලාකරුවන්ගෙන් එපිසොඩ් එකකට 50,000 ගානේ ගන්නේ? ඇයි මේ දඩ මස් ගන්නේ? ඇයි මේ නිළි මස් ගන්නේ?

නිළි මස් කියන්නේ මොනවද?

නිළි මස් කියන්නේ ප්‍රධාන නිළියවත් ජයික් එකට ගේන්න කියනවා. මේක පුදුම තත්ත්වයක්. ප්‍රධාන නිළියවත් ඉල්ලනවා, පනස්දාහකුත් ඉල්ලනවා.

(මංත්‍රීවරයෙක් කතාවට බාධා කරයි )

නෑ නෑ ඔබතුමාට දියවැඩියාව. ඔබතුමා ඉල්ලුවේ නෑ. ඔබතුමාට දියවැඩියාව අපි දන්නවා. ඔබතුමා නෙවෙයි ඉල්ලුවේ. නියෝජ්‍ය ඇමතිවරයෙක් ඉල්ලුවේ. මෙන්න මේකයි අලුත්ම තත්ත්වේ.

මේක නවත්තලා දෙන්න කියලා මම අපේ කලා කටයුතු පිළිබඳ ඇමති ටීබී ඒකනායක මැතිතුමාගෙනුයි, අපේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමා මේ ගැන දන්නවා නම්, ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය ඇමතිවරයා මේක දන්නවා නම්, එතුමාගේ නම විකුණලා හරි කවුරු හරි මේක ගන්නවා නම්, අපි දන්නේ නැහැනේ, මම කියන්නේ නෑ එතුමා කියලා.

එතකොට නිළිය ගන්නේ කවුද?


නිළිය ගන්නෙත් ඒ (කපා හරින ලදි ). ඒක අහන්න වෙන්නෙත් කලා ක්ෂේත්‍රයේ ඉන්න කට්ටියගෙන්ම තමයි. මේක කවුරුත් දන්න තිත්ත ඇත්ත.

අනුර ප්‍රියදර්ශන යාපා : මේ සභාවේ ඉන්න මංත්‍රීවරයෙකුගේ නමක් මෙතුමා කියනවා නම් ඒක එතුමාට පිළිතුරු දෙන්න පුළුවන් වෙනත් ආකාරයකට ඇසිය යුතුයී


නියෝජ්‍ය කතානායක: පාර්ලිමේන්තුවේ යම් ගරු මංත්‍රීවරයෙකුගේ නම කියනවා නම්, පාර්ලිමේන්තු වාර්තාවෙන් එකී නම් ඉවත් කිරීමට තීන්දු කරනවා

රන්ජන් රාමනායක: ගරු සභාපතිතුමනි, අද විෂය තියනවා 'සංස්කෘතික හා කලා". ඒ ඇමතිවරයා අද සභාවට එන්න බැඳී සිටිනවා. එතුමා එන්නෙත් නැත්නම් එතුමගේ නම අපි කොයි අවස්ථවෙද කියන්නේ?

කලා ක්ෂේත්‍රයේ ප්‍රශ්නය මම කාටද ඉදිරිපත් කරනෙන එතකොට? නම කියන්නේ නැතුව සැඟවුණු අමුත්තෙකුගේ නමක් කියන්නද මම?

(රඹුක් රඹුක් යැයි පසුබිමෙන් ඇසෙයි )

එතුමා ගැන කිව්ව ගමන් අපේ තිලංග සුමතිපාලට තර්ජනය කරනවා, ඒ පත්තර වලට තර්ජනය කරනවා. හරි කනගාටුදායක තත්ත්වයක්.

එම වීඩියෝව පහතින්








මුත්‍රා යොදාගෙන ජංගම දුරකථනයක් ‘ආරෝපණය’ කර ගත හැකි ය.


mobile-phone-urine-power-450මුත්‍රා යොදාගෙන ජංගම දුරකථනයක් ‘ආරෝපණය’ කර ගත හැකි ප්‍රමාණයේ විදුලි කෝෂයක් නිපදවීමට බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් රොබෝ පර්යේෂණායතනයේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.
මෙම විදුලි කෝෂයන් හැදින්වෙනුයේ ‘ක්ෂුද්‍රජීවි ඉන්ධන කෝෂ’ ලෙසය.
මෙම විදුලි උත්පාදන ක්‍රමය පසුපස ඇත්තේ සාමාන්‍ය සෛලයක ශක්තිය උපදින ක්‍රියාවලියයි.සෛලයක් ශක්තිය උත්පාදනය කරගන්නේ ආහාර ජීර්ණය කිරීමෙනි.ආහාර ජීර්ණ ඵල යොදාගෙන ශක්තිය උත්පාදනය කළ හැකි ඉන්ද්‍රයිකාවන් සෛල වල ඇත.ඒවා හැදින්වෙන්නේ මයිටකොන්ඩ්‍රියා ලෙසය.උත්පාදනය වන ශක්තිය සිරුරේදී නම් භාවිතා වන්නේ නොයෙකුත් ජීව ක්‍රියා සදහායි.මේ විද්‍යාඥයන් කර ඇත්තේ සෛලයකින් මෙසේ උපදින ශක්තිය විශේෂ උපකරණයන් හරහා යවා එය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කිරීමයි.
mobile-phone-urine-power-1
මෙහිදී සෛල ලෙස භාවිතා කර ඇත්තේ බැක්ටීරියාවන්ය.බැක්ටීරියාවන්ද මිනිස් සිරුරේ සෛල සමානවම ක්‍රියාකාරී වී ආහාර ජීර්ණය කර ශක්තිය උපදවා ගනු ලබයි.විද්‍යාඥයන් මෙම කෝෂ සදහා භාවිතා කර ඇති බැක්ටීරියාවන්ට ආහාර ලෙස සපයන්නේ ‘මුත්‍රා’ ය.බැක්ටීරියා මුත්‍රා ජීර්ණය කර ශක්තිය උපදවයි.ඒ උපදින ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කර භාවිතයට ගැනේ.
ජංගම දුරකථනයක් ක්‍රියාත්මක කළ හැකි පමණට මෙවන් කෝෂ සමූහයකින් ලබා ගත හැකි බලය ප්‍රමාණවත් බව සදහන්ය.දැනට එක් කෝෂයකින් ලබාගත හැක්කේ ඉතා සුලූ බලයක් වුවත් ඉදිරියේදී මෙය තවත් දියුණු කිරීම විද්‍යාඥයන්ගේ අරමුණයි.

විදුලි ආරෝපක සොයා තැන තැන දුවනවාට වඩා කෝෂයේ බලය බැස ගියේ නම් මුත්‍රා කර කෝෂය යළි පණගන්වා ගත හැකි ක්‍රමයක් කෙතරම් ප්‍රයෝජනවත් වනු ඇත්ද?

මැතිවරණයේ දී 30% ක වත් තරුණ නියෝජනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා


youth142“එළබෙන පළාත් සභා මැතිවරණයේ දී උතුර, වයඹ හා මධ්‍යම පළාත් සඳහා මැතිවරණය පැවැත්වීමට දේශපාලන පක්‍ෂ විසින් නාම යෝජනා සකස් කරමින් කරනවා. එම නාම යෝජනා ලබා දීමේ දී, සුදුසු අධ්‍යාපනයක්, සුදුසු වැඩ පිළිවෙලක් ඇති සුදුසුකම් සහිත අපේක්‍ෂකයන්ට නාම යෝජනා ලබා දිය යුතුයි.ඒ වගේම මැතිවරණයේ දී30% ක වත් තරුණ නියෝජනයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා.” ලංකා තරුණ සංවිධාන ජාලය විසින් ඊයේ(17) ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා සිටියේය.
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි , කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් , ජාතික තරුණ සේවා සභාවේ අධක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා, පැපරල් සංවිධානයේ විධායක අධක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි , ලංකා තරුණ සංවිධාන ජාලයේ සභාපති අරුණ ප‍්‍රදීප් කුමාර , මාධ්‍ය අධ්‍යක්‍ෂක නිෂාද් උපේන්ද්‍ර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව මෙම මාධ්‍ය සාකච්ජාව පවත්වනු ලැබීය.
“ තරුණයන්ට අවස්ථාව ලබා දීමේදී සුදුසුකම් සහිත තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතුයි. මෙහි දී ඔවුන්ගේ අධ්‍යාපනය, සමාජය තුළ ඇති පිළිගැනීම ආදිය සැලකිල්ලට ගත යුතුයි. පළාත් සභා මැතිවරණය තුළ තරුණ නියෝජනය වැඩි කිරීම තුළින් තරුණයන්ට වඩා හොඳ පුහුණුවක් ලබා ගැනීමට හැකිවෙනවා වගේම තම ප‍්‍රදේශය තුළ සාමිප‍්‍රදායික දේශපාලන රටාවෙන් බැහැරව තටයුතු කිරීමේ හැකියාව තරුණයා තුළ නිර්මාණය වෙනවා. විශේෂයෙන් මෙහිදී සුදුසුකම් සහිත අපේක්‍ෂකයන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම සඳහා දේශපාලන පක්‍ෂ විසින් නාම යෝජනා ඉදිරිපත් කිරීමේ දී සුදුසුකම් සහිත තරුණයන්ට නාම යෝජනා ලබා දිය යුතුය. පළාත් සභාව තුළ තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා ජනතාවගේ මනාප 03න් එකක් හෝ තරුණයන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”

ජේසුතුමා සහ මේරිතුමිය ඔස්ට්‍රේලියාවේ යළි ඉපදේ


jesus1ඔස්ට්‍රේලියානු ජාතික ඒ.ජේ. මිලර් සහ ඔහුගේ පෙම්වතිය වන මේරි සුසෑන්ලක් දෙදෙනා යළි උපත ලද ජේසුස් වහන්සේ සහ මේරි මැන්ඩලීන් බවට දිව්රා සහතික වෙති.  ඔවුන් මෙම ප්‍රකාශය කළේ ඔස්ට්‍රේලියාවේ රූපවාහිනි නාලිකාවක ‘අද උදය’ (Today Morning) නැමැති වැඩ සටහනේදීය. “මා ජේසුතුමා වි සිටි කාලයේ මට කුරුසයේ ඇණ ගහනවා මට හොඳට මතකයි.” මිලර් කීවේය. “ මගේ නම ජීසස්. නමුත් බොහෝ දෙනා මට මේ නමින් අමතන්න මැලිකමක් දක්වනවා.” රූපවාහිනි වැඩ සටහනේ නිවේදකයින් වන ඊමොක් හාල්ටිස් සහ රූත් ලැන්ග්ස්ෆොඩ්ට ඔහු පැවසීය.  මේ සත්‍ය ප්‍රකාශ කරන හැම විටම වාගේ මිනිස්සු මාව විහිළුවට ගන්නවා. මේ ප්‍රශ්නය පළමු වැනි ශත වර්ෂයේදීත් තිබුණා. දැනුත් එහෙමයි.
ඒ.ජේ.මිලර් ජීවත්වන්නේ ඔස්ට්‍රෙලියාවේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ විල්ක්ස්ඩේල් නැමැති ගමේය. මෙය බ්‍රිස්බේන් නගරයේ සිට කිලෝ මීටර් 200 පමණ දුරින් පිහිටා තිබේ.
ඔහු ජේසුතුමා යයි අවබෝධ වීමට පෙර ඒ.ජේ.මිලර් ඉඩම් සංවර්ධනය කර විකිණීමේ ව්‍යාපාරයක යෙදී සිටියේය. ඒ දිනවල විවාහකව සිටි ඔහුට දරුවන් දෙදෙනෙකු විය. ජෙහොවාස් විට්නස් නිකායේ ඉහල සාමාජිකයෙකු වී සිටි ඔහු එයින් පලවා හරිනු ලැබුවේ ඔහු තම බිරිඳ අතහැර ඔහුට වඩා අවුරදු 10 කින් බාල කැරන් ඇසුරු කිරීමට පටන් ගත් විටයි.
mariyaමේරි සුසෑන් ලක් සහ ඒ.ජේ. මුණගැසුනේ 2007 දීය. ටික දිනකට පසු ඒ.ජේ. මිලර් විසින් ඇය ඇත්ත වශයෙන්ම මේරි බැන්ඩලීන් බව ඇයට අනාවරණය කර තිබේ.
ලෝක විනාශයක් ළඟ එන බවත්, මුහුදු මට්ටම මීටර් 100 කින් ඉහළ යන බවත් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වන සිඩ්නි, බ්‍රස්බේන්, පරත්, ඇඩිලේඩ් මීටර් 100 ක් ජලයෙන් යට වන බවත් ඔහු පවසයි.
ඒ.ජේ.මිලර්ගේ වෙබ් අඩවිය: www.divinetruth.com‍ වේ. මේරි සුසෑන්ලක්ගේ බ්ලොග් අඩවිය:www.maqdalenamary.blogspot.com

සිරුරේ නිරාවරණය නොවිය යුතු තැන් වසා ගන්නට උපකාරී වන බිකිනිය


Bikini 450px-13 07 12කතුන් ස්නානය සඳහා ශරීරයේ ලා ගන්නා කෙටි ඇඳුම බිකිනියයි. එය සංක්ෂිප්ත . සිරුරේ නිරාවරණය නොවිය යුතු තැන් වසා ගන්නට උපකාරී වෙයි. ස්නානයට ද සැබෑ අරුත් සපයයි. නාන ඇඳුමක් ගැන මෙතරම් අවධානයක් කුමකට ද... එහි ඇති අගය කුමක්ද... මේ ඒ පිළිබඳ විමසා බැලීමකි.
බිකිනියේ නූතන ස්වරූපය මුල්වරට එළි දුටුවේ 1946 දීය.
ලුවී රියාර්ඩ් නමැත්තා විසින් එම හඳුන්වාදීම කරන ලදී. කාන්තා ඇඳුම් පිළිබඳ අවධානය යොමු කළද ඔහු ඉංජිනේරුවෙකි. ජාතියෙන් ප්‍රංශය.එහෙත් පැරණි රෝමය බිකිනියට ද වැදගත්ය.
ඒ බිකිණියේ ඉතිහාසය එම යුගය දක්වා විහිද යන බැවිණි. නමුදු මේ ඇඳුම එකල භාවිත වූයේ කෙළි සෙල්ලමේදීය. ආදි කාලීන කෙළි කෙළින යුවතියන්ට මේ ඇඳුම වඩා පහසු හා ප්‍රායෝගික බව එකල පිළිගැනීම විණි.

ඒ අනුව මධ්‍යකාලීන යුගයේ ගී‍්‍රස්මයත් අශ්ව කරත්ත ධාවන තරඟත් ඔස්සේ බිකිනිය සියවස් ගණනාවක ඉතිහාසය පසුකර තිබේ.
ලුවී රියාර්ඩ් ඒ ඉතිහාසය දහනව වැනි සියවස වෙත රැගෙන විත් නවීකරණය කරන ලද්දේ 1946 වසරේ ජූලි මස පස්වැනිදාය. පැරීසියේ සුප්‍රසිද්ධ නාන තටාකයක් වූ “පිසිනේ මොලිටෝ” හිදී ඔහු මේ කෑලි දෙකේ අපූරු ඇඳුම දියට දැම්මේය.
ඒ දෙවැනි ලෝක යුද සමයයි. “ඇටොමික්” බෝම්බය මහ පොළවට හෙළා පරීක්ෂාවට ලක්කරන ලද්දේ ඊට දින හතරකට පෙරදීය. ඒ අනුව ලුවීගේ නව හඳුන්වාදීමට “බිකිනි ඇටෝල්” යැයි නම් ලැබිණි.
“ඇටෝල්” ටද කලින් මේ කාන්තා කෙටි නාන ඇඳුම භාවිත වූ බව අමතක නොකළ මනාය.
1907 වසරේදී ඒ ඇඳුමට නව පෙනුමක් ලබාදුන්නේ ඇනට් කෙලර්මන්ය. ඔස්ට්‍රේලියානු පිහිනුම් ශූරියක මෙන්ම සිනමා තාරකාවක් ද වූ ඈ මේ ඇඳුම හැඳ සිටිනවා බලා ඉන්නට නොහැකිවූ එරට පොලිසිය එදා ඇය අත්අඩංගුවට ගත්තේය. 
සැබෑවටම එම ඇඳුමේ වූයේ එක කොටසක් පමණි.
Bikini1

එනමුත් ඉදිරිගාමී කතුන් මේ අපූරු විලාසිතාවට සමු දෙන්නට සූදානම් වූයේ නැත. 1939 වසරේදී එයට නව මුහුණුවරද එක්වූයේ ද එබැවිණි.
මේ කඹ ඇදීම් අතරේ සමහර කතුන්ගේ ඉරිදා විශේෂිත ඇඳුම වූයේද මෙයමයි. එවිට මුහුදු රළ පවා මහා වේගයෙන් දිවවිත් ඒ කතුන් අසලදී නිසල විය.
කොටස් දෙකේ බිකිනි ඇඳුම අමෙරිකානු වෙරළ තීරවල සුදිලෙන්නට පටන් ගත්තේ හතළිහ දශකයේදීය. එයට ආණ්ඩුවෙන් ද තල්ලුවක් ලැබිණි. යුද සමය වූ එසමයේ එරට ආණ්ඩුව කියා සිටියේ නාන ඇඳුම්වලට ගන්නා රෙදිවලින් සියයට දහයක ප්‍රමාණයක් අඩුකළාට වරදක් නොමැති බවය. රීටා හේවර්ත් වැනි නිළියන්ට එය ඉබ්බා දියේ දැමීමක් හා බඳුවිය.

ලුවී රියාඩ් හා බිකිනිය අතර නොබිෙඳන සබඳතාවක් පවතී. හම දුඹුරු පැහැ ගැන්වීම පිණිස කෙටි නාන ඇඳුම් ඇඳ වැල්ලේ වැතිර සිටින ලලනාවන් දුටු ඔහු මීට වඩා හොඳ එකක් හඳුන්වා දෙන්නට ඇත්නම් යැයි සිතුවේය.
”මිචෙලිනී බර්නාඩිනී” නමැති නිරුවත් නැටුමට හපන් නළඟන ඔහුට හමුවූයේ එවිටය. ලුවී ඈ සමඟ එක්ව “කැසිනෝ ඩි පැරිස්” හිදී සිය නිර්මාණය එළි දැක්වූයේ ඒ අනුවය. “ලෝකයේ පුංචිම නාන ඇඳුම” යැයි ඒ නිර්මාණයට නම් දී තිබිණි.
කෙසේ වෙතත් මුල් කාලයේ බිකිනියට සුවිසල් වෙළෙඳපොළක් නොවීය. මේ නිසා කෑලි දෙකේ නාන ඇඳුම ඉල්ලුමක් නිර්මාණය වනතුරු බලා සිටියේය.

සුප්‍රසිද්ධ බ්‍රිජට් බාඩෝ එම අරමුණ ඉටු කළේ නාන ඇඳුමින් සැරසී ප්‍රංශයේ කාන් සිනමා සම්මාන උළෙලට සහභාගි වෙමිනි.
ජේන් මෑන්ස්ෆීල්ඩ්, අනීටා එක්බර්ග් සහ සොපියා ලොරේන් ද මේ විෂයයේදී ඉවත දැමිය හැකි නිළියන් නොවේ. එහෙත් එවක ස්පාඤ්ඤය, ඉතාලිය, පෘතුගාලය සහ අමෙරිකාවේ ප්‍රාන්ත ගණනාවක් මේ ඇඳුමට තහංචි පනවා තිබිණි.
1951 වසරේ පැවැති ප්‍රථම ලෝක රූප සුන්දරී තේරීමේ තරගයේ ජයග්‍රාහිකාව ස්වීඩනයේ කිකි හැකන්සන්ය. කෙටිම කෙටි කාන්තා නාන ඇඳුම ගැන ඇයට සැකයක් නොවීය. එහෙත් මේ අමුතු විකාරය ගැන කිපුණු ඇතැම් රටවල් තරගයෙන් ඉවත්වන බවට තර්ජනය කළෝය. පාප් වහන්සේද ඒ විරෝධයට එක්ව සිටි බව අමතක නොකළ මනාය.


එහෙත් පසුකාලීනව මෙවැනි තරගවලට ඒ කෙටි ඇඳුම නැතිවම බැරිවිණි. බිකිනියේ ඉතිහාසය විමසීමේදී වඩාත්ම ආකර්ෂණීය හා ජනප්‍රියම බිකිනිය සුදු පැහැ එකකි.
එය එදා මුල්වරට ඇඳ සිටියේ උර්සුලා ඇන්ඩෲස්ය. “ඩොක්ටර් නෝ” නමැති අතිශය ප්‍රබල හා ජනප්‍රිය බොන්ඩ් චිත්‍රපටයේ රඟපාමින් සුප්‍රකට උර්සුලා සුදට වටිනාකමක් ලබා දුන්නාය. එය ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ මෙන්ම සිනමා ඉතිහාසයේද අමරණීයම බිකිනි දැක්මයි.

1960 වසරේදී බ්‍රයන් හයිලන්ඩ් නමැති ශිල්පියා “ටීනි වීනි” යනුවෙන් බිකිනිය ගැන ගයද්දී ප්ලේ බෝයි සඟරාව ප්‍රථම වරට සිය මුල් කවරය සඳහා බිකිනිය හැඳ සිටි සුරූපිනියක යොදා ගත්තේය. ඒ 1962 වසරේදීය.
ඉන්පසු බිකිනිය ක්‍රීඩා ලෝකය ආක්‍රමණය කර එයට වසර දෙකකට වඩා කල් ගත්තේ නැත.

1966 දී පමණ බිකිනියට තවත් ආකර්ෂණීය පෙනුමක් එක්වූයේ සිනමා නිළි රැචල් වෙල්ච් එය ඇඳගත් විටය. මැර්ලින් මොන්රෝ ද මේ විෂයේදී පසුබා නොසිටි අයෙකි.
විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝලින්ට ලී කුමරියගේ රන් පැහැ බිකිනිය කිසිදා අමතක නොවන සිහිනයකි.
මේ ඇඳුම ඇඟ උණුසුම් කරවන නිමිත්තක් බවට පසක් කරමින් 1982 වසරේ තිරගත සිනමා පටයකදී ද දැකගත හැකි විය. උර්සුලා ඇන්ඩෲස් ගිය මඟ යමින් 2002 වසරේදී තිරගත වූ බොන්ඩ් චිත්‍රපටයේදී හැලි බෙරි ප්‍රේක්ෂකයන්ගේ මුහුණට ලේ පිරවීය.

අනූව දශකයේ මුල් භාගයේදී කොටස් දෙක එකතු වී එකක් බවට පත්විණි. මුහුදු සුව විඳින සම දුඹුරු කරන්නට ඉවහල්වන මේ ඇඳුම ලෝ පුරා අමුත්තක් නැති කළේය.

Bikini2එංගලන්තයේ ක්‍රීඩා සමාජයක දොරටු බිකිනි ඇඳුම ඇඳගත්තවුන් සඳහා විශේෂයෙන් විවර වූයේ පසුගියදාය. දැන් මහත්තුරුත් මේ ඇඳුම ඇඟලා ගන්නට පෝලිමේය. එය මෑන්කිනි ය.
බිය තුරන් වී කිනිය මැද පෙරදිග මෝස්තර ලෝකයටද ආවේය.
චීනයේ කිංග්ඩාඕ වෙරළ තීරයේදී බිකිනියේ තවත් ආරක් එළි දකින ලදී. ඔවුන් එයට කීවේ ෆේස්කිනි කියාය.
බිකිනි ලෝකයට හෙට තවත් බිකිනි එක්වනු ඇත. කෙසේ පැමිණිය ද එය කාන්තා කෙටි නාන ඇඳුමමය. එය තවත් කෙටිවේදැයි කියන්නට තවම කල් වැඩිය. එබැවින් අනාගතයේදී අතීතය ගැන කතා කරන්නට හැකිය.