
නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි , කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් , ජාතික තරුණ සේවා සභාවේ අධක්‍ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා, පැපරල් සංවිධානයේ විධායක අධක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි , ලංකා තරුණ සංවිධාන ජාලයේ සභාපති අරුණ ප‍්‍රදීප් කුමාර , මාධ්‍ය අධ්‍යක්‍ෂක නිෂාද් උපේන්ද්‍ර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් යුතුව මෙම මාධ්‍ය සාකච්ජාව පවත්වනු ලැබීය.
“ තරුණයන්ට අවස්ථාව ලබා දීමේදී සුදුසුකම් සහිත තරුණයන්ට අවස්ථාව ලබා දිය යුතුයි. මෙහි දී ඔවුන්ගේ අධ්‍යාපනය, සමාජය තුළ ඇති පිළිගැනීම ආදිය සැලකිල්ලට ගත යුතුයි. පළාත් සභා මැතිවරණය තුළ තරුණ නියෝජනය වැඩි කිරීම තුළින් තරුණයන්ට වඩා හොඳ පුහුණුවක් ලබා ගැනීමට හැකිවෙනවා වගේම තම ප‍්‍රදේශය තුළ සාමිප‍්‍රදායික දේශපාලන රටාවෙන් බැහැරව තටයුතු කිරීමේ හැකියාව තරුණයා තුළ නිර්මාණය වෙනවා. විශේෂයෙන් මෙහිදී සුදුසුකම් සහිත අපේක්‍ෂකයන් තෝරා පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දීම සඳහා දේශපාලන පක්‍ෂ විසින් නාම යෝජනා ඉදිරිපත් කිරීමේ දී සුදුසුකම් සහිත තරුණයන්ට නාම යෝජනා ලබා දිය යුතුය. පළාත් සභාව තුළ තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා ජනතාවගේ මනාප 03න් එකක් හෝ තරුණයන්ට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.”
No comments:
Post a Comment