ලෝකයේ ගෘහස්ථ ප්රචණ්ඩත්වය ඉහළ රටවල් අතරින් ශ්‍රී ලංකාවට පස්වැනි ස්ථානය හිමිවී තිබෙන බවද එම සංවිධානය කියා සිටියි.
රටේ පැතිර යමින් පවතින අපරාධ රැල්ල හා සමගාමීව කාන්තාවන් සහ ළමුන් ඉල්ලක්ක කරගෙන කෙරෙන ලිංගික හිංසනයන් සහ අපරාධ ඉහල යමින් පවතින බව ද 'අයිතීන් උදෙසා කාන්තාවෝ' ව්‍යාපාරය ප්‍රකාශ කරයි.
එහි සම සභාපතිනි සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය එම අදහස් පළ කළේ කොළඹදී ඊයේ (14) මාධ්‍යවේදීන් අමතමිනි.

පොදු ප්‍රවාහන සේවාවන් හි ගමන් ගන්නා කාන්තාවන් සියයට අනූ පහක්ම අතවරවලට ලක්වන බව පෙන්වා දෙන 'අයිතීන් උදෙසා කාන්තාවෝ' ව්‍යාපාරය, සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවේ පවතින්නේ කාන්තාවගේ ගරුත්වය විනාශ කරන පරිසරයක් බව ද පෙන්වා දෙයි.
පවත්නා රජය එම තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව, සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මාධ්‍යවේදීන් හමුවේ අවධාරණය කර සිටියේය.
"ප්‍රාදේශීය දේශපාලනඥයන්ට අපරාධ සිදු කිරීමට සහ අපරාධකරුවා ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් මේ රට තුල නිර්මාණය වෙලා තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ ඉහල සිට පහලටම ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්," ඇය පවසන්නීය.
ජාතීන් අතර විශ්වාසය බිඳ වැටීම සහ ආගම්වාදය ඉදිරියට ගනිමින් කෙරෙන අන්තවාදී ව්‍යාපාර රටේ අපරාධ රැල්ල වැඩිවීමට ප්‍රධාන හේතුවක් බව සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පෙන්වා දෙන්නීය.
අපරාධවලට ගොදුරු වන කාන්තාවන්ට එල්ල වන තර්ජන හමුවේ වාර්තා වන අපරාධ ප්‍රමාණයට වඩා සැබෑ අපරාධ ප්‍රමාණය ඉතා වැඩි බවද එම සංවිධානය පවසයි
මෙම අපරාධ රැල්ලට එරෙහිව, 'අපරාධ වළකමු නිදහසේ ජීවත් වෙමු' යන තේමාව යටතේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, අනුරාධපුර, හම්බන්තොට ඇතුළු දිවයිනේ සියලූම දිස්ත්‍රීක්ක ආවරණය වන පරිදි මෙම අපරාධ රැල්ල සම්බන්ධයෙන් ජනතාව දැනුවත්කරන පත්‍රීකා ඛෙදාහැරීමේ වැඩපිළිවලෙක් මේ මස 18වෙනිදා ක්‍රියාත්මක කරන බවද එම සංවිධානය පැවසිය.

No comments:
Post a Comment